එක්බද්ධ විපක්ෂය සංවිධානය කරන පාගමන හෙට (30දා) නිට්ටඹුව නගරයේදීත්, එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සාමාජික ප්රවර්ධනය ඉරිදා (31දා) නිට්ටඹුව නගරයේත් පැවැත්වෙන හෙයින් සාමය කඩවීමට ඉඩඇතැයිද, ඒ අනුව අදාළ වැඩසටහන් නතර කරන්නැයිද කළ ඉල්ලීම අත්තනගල්ල මහේස්ත්රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා විසින් ඉවත දැමීය.
පොලිස් ආඥා පනත අනුව සාමය රැකීමට පොලීසිය බලය ඇතැයිද, ඕනෑම පක්ෂයකට ප්රජාතන්ත්රවාදීව කටයුතු කිරීමට ඉඩ ඇතැයිද පැවැසූ මහේස්ත්රාත්වරයා පොලීසියේ ඉල්ලීම ඉවත දැමීය.