කැරීබියානු කලාපයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය ප්‍රබල චණ්ඩ මාරුතයක් බවට පත්වෙමින් කෝස්ට රිකා සහ දකුණුදිග නිකරගුවා වෙත බලපෑම් කරමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.
ඔට්ටෝ චණ්ඩ මාරුතය ලෙස නම් කර ඇති මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, පැයට කිලෝමීටර් 150කට ආසන්න වේගයකින් යුතු සුළං බ්‍රහස්පතිනිදා උදෑසන එම රටවලට ඇතුළු විය හැකි බව කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.
මෙම චණ්ඩ මාරුතය හේතුවෙන් දැනටමත් පැනමා රාජ්‍යයේ පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ වනවිට උතුරුදිග කොස්ට රිකාවට සහ දකුණුදිග නිකරගුවාව වෙතට ගමන් කරමින් පවතින චණ්ඩ මාරුතය පැයට කිලෝමීටර් 120ක පමණ වේගයෙන් යුතු සුළං ඇති කරමින් පවතින බව ඇමෙරිකාවේ චණ්ඩමාරුත පිළිබඳ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව, නිකරගුවාවේ සහ කොස්ට රිකා රාජ්‍යයේ ජනතාව වෙත දැනටමත් අනතුරු ඇඟවීම් සිදුකරමින් ආරක්ෂිත ස්ථාන කරා ඔවුන් යොමුකරමින් සිටින බව එම රටවල රාජ්‍යයන් පවසයි.