සිය සහෝදරයාගේ (අයියා) බිරිඳගේ කට කපා පිටුපසට පිහියෙන් ඇනිමට කොන්ත්රාත්කරුවෙකුට රුපියල් 50000 ක් දුන් සහෝදරයෙකු (මල්ලි) හා කොන්ත්රාත්කරුවා කඩුගන්නාව පොලිසියෙන් ඊයේ (28දා) පිළිමතලාව ප්රදේශයේදි අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.
පවුල් ආරවුලක් මෙම සිද්ධියට හේතු වී තිබෙන බව විමර්ශන වලින් අණාවරණය වී තිබේ. මුලින්ම මෙම කාන්තාව ඝාතනය කරන ලෙස පැවැසුවත් කොන්ත්රාත්කරු එයට අකමැත්ත ප්රකාශ කිරීම හේතුවෙන් ඇයගේ කට කපා පිටුපස ට පිහියෙන් අනින ලෙස කොන්ත්රාත්තුව බාර දී තිබේ.