www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා අවතැන් වූවන් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය එක්ව වව්නියාවේ නැවත පදිංචි වූවන් වෙනුවෙන් ස්ථිර නිවාස 2000කට ආසන්න ප්‍රමාණයක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බව වව්නියාව දිසාපති එම්.බී.ආර්.පුෂ්ප කුමාර මහතා පවසා සිටියේය.
නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය, නිවාස සංවර්ධන අධිකාරිය හා අවතැන් වූවන් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය ඒකාබද්ධව වව්නියාව දකුණ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මානයන්හි ඉදිකරමින් පවතින ස්ථීර නිවාස නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් දිසාපතිවරයා මේ බව පවසා සිටියේය.
මේ අනුව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකරිය විසින් ඉදිකරන ලද නිවාස වෙතට රුපියල් ලක්ෂ පහක මුදලක් ආධාර වශයෙන් ලබා දෙන අතර අවතැන් වූවන් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් ඉදිකෙරෙන ස්ථීර නිවාස 850ක් සඳහා එක නිවසකට රුපියල් ලක්ෂ අටක මුදලක් ආධාර වශයේ නිවාස හිමියන්ට ලබා දීමට පියවර ගෙන ඇත.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd