දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙන නිසා නැගෙනහිර සහ උතුරු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සිදුනොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටියි.
යාපනයේ සිට කිලෝමීටර් 300 ක් නැගෙනහිරට ආසන්නව මෙම පීඩන අවපාතය ඇතිවී තිබෙන නිසා නැගෙනහිර සහ උතුර දෙසින් වන මුහුදු ප්‍රදේශවලට වැසි සහ සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 පුරා ක්‍රියාත්මක බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේය.