නාවින්න ආයුර්වේද සංස්ථාව තුළ ඇතිවු කලහාකාරී තත්වය හේතුවෙන් එය දින නියමයක් නොමැතිව වසා දැමීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ තීරණය කර තිබේ.
නාවින්න ආයුර්වේද සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා ඇතුළු කළමනාකාරීත්වය වහාම සේවයෙන් ඉවත් කර ඔවුන් වෙනුවට වෙනත් අය එම තනතුරුවලට පත්කරන මෙන් ඉල්ලා පසුගිය දිනවල සේවකයන් එහි විරෝධතා පැවැත්වීය.