ආයුර්වේද ඖෂධ සංස්ථාවේ උද්ගතව ඇති ගැටලුව නිරාකරණය කිරීම සඳහා විමර්ශන කමිටුවක් පත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනාංශයේ අතිරේක ලේකම් බී.ජී.එස්.ගුණතිලක මහත්මියගේ සභාපතීත්වයෙන් යුතුවද කමිටුවේ සාමාජිකයින් ලෙස ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිළධාරීන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති හා විමර්ශන නිළධාරීන් ඇතුළු පිරිසක් පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
ගැටලුකාරී තත්වයක් හේතුවෙන් නාවින්න ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඊයේ දින නියමයක් නොමැතිව වසා දැමුණි.