ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන් තනතුරේ සේවය කළ නිලධාරීන් 13 දෙනෙකු කොමදෝරු තනතුර සඳහා උසස් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවරගෙන තිබේ.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා පසුගියදා (02දා) සහභාගී වූ උත්සවයකදී මෙම කපිතාන්වරුන් උසස්වීම් ලැබූ බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.
සනත් උත්පල, සෙනරත් විජේසූරිය, සම්පත් පත්බේරිය, සේනක ජයවිලාල්, මාකස් පෙරේරා, නිශාන්ත ද සිල්වා, උපුල් ද සිල්වා, සුසිල සේනාධීර, තිලක් සිගේරා, ධර්මප්‍රිය විජේතුංග, රෝහිත පෙරේරා, බණ්ඩාර ජයතිලක, කලණ ජිනදාස යන කපිතාන්වරු මෙසේ කොමදෝරු තනතුරට උසස්වීම් ලැබූහ.