විදේශ නැව්වලට ආරක්ෂාව සැපයීමේදී නාවික හමුදාවට වඩා වැඩි ආදායමක් ඇවන්ගාඩ් ආයතන ලබාගත් බවට සිදුකරන ප්‍රකාශ නිවැරදි නොවන බව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සඳහන් කළේය.
නැව්වලට ආරක්ෂා සැපයීමේදී නාවික හමුදාව විසින් සිදුකළ බවත්, එහෙත් විවිධ සේවා සැපයීම මගින් ඇවන්ඩ්ගාඩ් ආයතනය ආදායමක් ලබාගත් බවද පවසා සිටියේය.
එහෙත් ඇවන්ගාඩ් ආයතනය ඉවත් කිරීමත් සමග සේවා සැපයීමක් නාවික හමුදාව විසින් සිදුනොකරණ අතර, මේ නිසා එදා ලැබූ ආදායම අද ලැබෙන ආදායම සංසන්දනය කිරීම නොකළ යුතු බවද අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී නාවික හමුදාධිපතිවරයා සඳහන් කළේය.