නීතිවිරෝධී අයුරින් ශ්රී ලංකාව කේරළ ගංජා කිලෝග්රෑම් 80 ක් ගෙන එමින් සිටි පුද්ගලයන් සිවු දෙනෙකු ගංජා තොගයද සමග අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අයත්, පී. 424 යාත්රාවට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් කච්චතිව් දූපතට උතුරින් වූ මුහුදෙදී සැක කටයුතු යාත්රාවක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඊයේ (31දා) රාත්රියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.