නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ නිපදවන ලද යත්‍රා 9ක් නයිජිරියානු රජය වෙත අළෙවිකර තිබේ. එසේම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද යාත්‍රා විදේශ රටකට අලෙවිකළ පළමු අවස්ථාව මෙය වෙන බවද නාවික හමුදාව කියයි.
කුඩා යාත්‍රා 6ක් හා වෙරළාරක්ෂක යාත්‍රා තුනක් නයිජීරියාවට අලෙවි කර ඇති අතර එයින් ලැබූ ආදායම රුපියල් මිලියන 617.4ක් බව නාවික හමුදාව කියයි.
වැළිසර නාවික හමුදා කඳවුරේ පිහිටා ඇති වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපොළෙහි මෙම යාත්‍රා නිශ්පාදනය කර තිබේ.