නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පළමුවරට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (31දා) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුවිය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ නාවික හමුදාපතිවරයා අතර එහිදී සුහද සාකච්ඡාවක් පැවත් වූ බවත් සාගරික ආරක්ෂාව පිළිබඳ වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.