ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථාවය වෙන වොෂිංටන් නුවර පෙන්ටනගයේ සංචාරයකට එක්වීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පෙරේදා (26දා) කටයුතු කර තිබේ.
එම සංචාරය අතරතුළදී පෙන්ටගනයේදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වූ බවද නාවික හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. මෙම සාකච්ඡාවලදී පුහුණු වීම්, අත්දැකීම් හුවමාරුව,නෞකා සංචාර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය පිහිටුවිමේ කටයුතු පිළිබදව සහ ද්විපාර්ශ්වික සහයෝගිතාවය සම්බන්ධයෙන් කරුණු රාශියක් සාකච්ඡා කරන ලදී.