නාවික හමුදා නව මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් ලංකානාථ
නාවික හමුදා නව මාධ්‍ය සම්බන්ධීකරණ (මාධ්‍ය ප්‍රකාශක) නිලධාරී ලෙස කොමාන්ඩර් ලංකානාථ දිසානායක මහතා පත්කොට තිබේ. නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා වූයේ ලුතිනන් කොමාන්ඩර් චමින්ද වළාකුළුගේ මහතායි.ලංකානාථ දිසානායක මහතා අද (25දා) සිට නව තනතුරට පත්ව ඇත.
ලංකානාථ දිසානායක මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදිසිසුවෙකු වන අතර, 1997 වසරේදී 27 වැනි ශිෂ්‍යභට නිලධාරි බඳවාගැනීමට අයත් විධායක අංශයේ නිලධාරියෙකු වශයෙන් නාවික හමුදාවට එක් වී ඇත.
එම බඳවාගැනීමට අයත් නිලධාරීන් අතරින් දක්ෂතම මධ්‍ය නිලධාරියට හිමි අසිපතද දිනාගනිමින් 1999 වසරේ අධිකාරියට පත් වූ ඔහු, එතැන් සිට වසර 18කට ආසන්න කාලයක් විවිධ තනතුරු හොබවා ඇති බව නාවික හමුදාව නිවේදනය කරයි.
විශේෂයෙන්ම, පසුගිය මෙහෙයුම් සමයේ වසර ගණනාවක් මුළුල්ලේ වේග ප්‍රහාරක යාත්‍රාවලට අණ දුන් හෙතෙම එහිදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් සිවු වතාවක් රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇත.
කොමාන්ඩර් දිසානායක මහතා, බංගලාදේශයේ ඉෂා ඛාන් නාවික විද්‍යාපීඨයේ උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව හදාරා ඇති අතර, ඉන්දියාවේ දෝන චර්යා නාවික පුහුණු ආයතනයේ අවි පිළිබඳ දීර්ඝ පාඨමාලාවත්, ඉන්දුනීසියාවේදී ආරක්ෂක මාණ්ඩලික පාඨමාලාවත් සාර්ථකව නිම කොට ඇත. එමෙන්ම, ඔහු සෝදිසි, මෙහෙයුම් හා ගලවා ගැනීම් සම්බන්ධයෙන් වන විශේෂ පාඨමාලාව හදාරා නිම කොට ඇත්තේ සිංගප්පූරුවෙන් වන අතර, හෙතෙම ආරක්ෂක යුධෝපක්‍රම පිළිබඳ විද්‍යාපති උපාධිධාරියෙක් ද වේ.
ඔහු මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී ලෙස පත්වීමට ප්‍රථම ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමල නෞකාවේ විධායක නිලධාරී ලෙස රාජකාරි කරන ලදී. ඊට අමතරව ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී (සමුද්‍රීය ආවේක්ෂණ)පුහුණු විධායක, මාණ්ඩලික නිලධාරී මෙන්ම වේග ප්‍රහාරක යාත්‍රා ගණනාවකම අණභාර නිලධාරී ලෙසද රාජකාරි කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

