නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්රැම්ස් සින්නයියා මහතා විසින් නාවික හමුදා ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරිවරයා වශයෙන් කපිතාන් සනත් පිටිගල මහතා පත් කරනු ලැබ ඇත.
නාවික සාමාජික මෙහෙවර සඳහා නාවික හමුදපති වරයා විසින් ඇති කර ඇති මෙම නව තනතුර ඔහුගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරේ. නාවික හමුදා ඉතිහාසය තුළ මෙවැනි තනතුරක් පිහිට වූ පළමු අවස්ථාව මෙය වේ.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වකුගඩු රෝග නිවාරණය, නිරෝගී සහ බුද්ධිමත් දරු පරපුරක් බිහි කිරීම, පරිසර සංරක්ෂණය, ජනාධිපති කාර්ය සාධක බළකායට අනුබද්ධිතව නාවික හමුදාවේ සාමාජීය මෙහෙවර කාර්යක්ෂම කිරීම වැනි කරුණු අරමුණු කරගෙන මෙම තනතුර පිහිටුවා ඇත.
එමෙන්ම තැලසීමියා නික්ෂේපන යන්ත්‍ර බෙදාදීමේ ව්‍යාපෘතිය, පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් වෙහෙර විහාර සංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය, දුෂ්කර පළාත් වල පාසල් සංවර්ධනය, වෙරළ ක්‍රියා පරිසරය හා සාගරික පරිසරය සංරක්ෂණය ඇතුළු අනෙකුත් සමාජ සුභසාධන කටයුතුවලට ප්රමුඛතාවයල බාදීම සහ එම ක්‍රියාවලීන් කඩිනම් කිරීම මෙම තනතුර වෙත පවරා ඇති අනෙකුත් වගකීම් වෙයි.