රටේ නාවික අංශය සමාගම් දෙකක ඒකාධිකාරියකට නතුවී ඇති බැවින් එය විවෘත කිරීම කළ යුතු කාරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එම සමාගම් දෙකෙන් එක් සමාගමකට අමාත්‍යවරයෙකුගේ ඥාතියෙකුගේ හිමිකාරීත්වයක් ඇති අතර, අනෙක් සමාගම දේශපාලඥයන් පාලනය කරන සමාගමක් බවද මන්ත්‍රීවරයා ඊයේ (15දා) පාර්ලිමේන්තුවේදී පැවසුවේ අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමිනි.