සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුළු සැකකරුවන් තිදෙනා නැවතත් එළැඹෙන 23 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
2013 වසරේදී තාරුණ්‍යට හෙටක් සංවිධානය සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමෙන් සිදුකර ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු සභාපති ඇතුළු තිදෙනෙකු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.