නායයෑම්වලට ලක් වූ හා අවදානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශවලට යෑමෙන් වළකින ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්තිය අමාත්‍ය රංජිත් සියාඹලාපිටිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
පවතින ආපදා තත්ත්වය යටතේ ජනතාවගේ සහාය අත්‍යාවශ්‍ය බවත් පවතින කාලගුණ තත්ත්වය යටතේ විදුලි උපපොළවල් රැසක් ජලයෙන් යට වී ඇති බැවින් විවිධ ප්‍රදේශවල විදුලිය බිඳවැටීම් වාර්තා විය හැකි බවද යි ද අමාත්‍යවරයා පැවසුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (18) පැවැති මාධ්‍ය හමුවකදීය.