නායයාම නිසා නිවාස හා ඉඩම් අහිමි වන ජනතාවට නිවසක් හා ඉඩමක් සකස්කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 16ක මුදලක් ලබාදීමට සූදානම් බව රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
මීට අමතරව නායයාමේ තත්ත්වය නිසා ආරක්ෂිත කඳවුරුවල සිටින සියලුමදෙනාට අවශ්‍ය පහසුකම් රජය විසින් කිසිදු අඩුවක් නොමැතිව ලබාදෙන බවද පවසා සිටියේය.
පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂා තත්ත්වය නිසා නායයාමේ අවදානම මත කඳවුරුවල සිටිනා ජනතාවට නැවත එම ප්‍ර‘දේශවල පදිංචියට යාමට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් සිදුකරන පරීක්ෂණ වලින් පසු අවසර ලබාදෙන බවද සඳහන් කළේය.
මීට අමතරව අදාළ ප්‍රදේශවල පදිංචියට යාමට අවසර ලැබුණහොත් නිවාසවල යම් හානියක් සිදුව තිබුණොත් එය යථාතත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
නිවාස සහ ඉඩම් අහිමි වන්නන්ට ඉඩමක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 04 ක මුදලකුත්, නිවසක් සකස් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 12ක මුදලක් හා ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වය ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.