නායකයන් වැඩි වූ විට ප්‍රශ්න වැඩිවන බවත්, නායකයන් ඉහළින් පත්කළද ඔවුන් ජනතාව විසින් පිළිගත යුතු බවත් විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
එසේම දේශපාලන ක්ෂේත්රයේ පදවි ලැබෙන්නේ නියම පුද්ගලයන්ට නොව නුසුදුස්සන්ට බවදඔහු පැවසීය.
හාලිඇල, කුඩුමහුවෙල, බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී ඊයේ (18දා) පැවැති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ උත්තර මණ්ඩල සංඝනායක හා ඌව පළාත් ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ හාලිඇල, කුඩුමහුවෙල බෝධිරුක්ඛාරාමාධිපති මහනුවර කාශ්යාපලංකාර හිමියන් පිළිගැනීමේ උත්සවයට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව පැවසීය.
“දේශපාලන ක්ෂේත්රයේ නම් පදවි ඕන අයට ලැබෙන්නේ නැහැ. ඕනෑ නැති අයටත් ලැබෙන අවස්ථා තියෙනවා. ඒ නිසා දේශපාලන ක්ෂේත්රයේ තියෙන මිනුම් දණ්ඩට වඩා සුවිශේෂී මිනුම් දණ්ඩක් සංඝ සමාජය තුළ තියෙනවා.එය අපි අගය කළ යුතුයි. අද රටට නායකත්වය, ගමට නායකත්වය අවශ්‍යයි, සංඝ සමාජයට නායකත්වය අවශ්‍යයි. මොකද නායකයෙක් නැතිව මෙහෙයවීමක් නැහැ. නායකයො වැඩි වුණාමත්ප්රශ්න වැඩියි. නායකත්යවය ඉහළින් පත්කළ පමණින් හරියන්නේ නැහැ, නායකත්වය ජනතාව විසින් පිළිගත යුතුයි. අද ශ්‍රීලංකාවේ දේශපාලනය වාණිජකරණයට ලක්වෙලා. එනිසා තමයි අපි මනාප ක්‍රමය නැති කරලා මනාප ක්‍රමයෙන් තොර මැතිවරණ ක්‍රමයක් හදන්නේ* යැයිද විපක්ෂනායකවරයා පැවසීය.
මේ අවස්ථාවට ඌව ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් වන ර.මු. රත්නායක, ජයන්ත කන්නන්ගර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.