රත්නපුරසහ කෑගල්ල දිස්ත්රික්කවලට ඇති වී තිබෙන අධික වර්ෂා තත්ත්වය නිසා එම දිස්ත්රික්කය තුළ පිහිටි නායයාමේ අවදානම පිළිබඳ ජනතාව අවධානයෙන් සිටිය යුතු බවජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
මෙම අනතුරු ඇඟවීම හෙට (06දා) රාත්රී 7.30 දක්වා ක්රියාත්මක බවද එම ආයතනය පෙන්වා දෙයි.
මීට අමතරව අද දහවල් සහ සවස් කාලයේ ගාල්ල, කළුතර, නුවරඑළිය දිස්ත්රික්කවල කඳුනාය යාමේ අවදානමක් තිබෙන බවද ප්රකාශයට පත් කෙරිණි.
එම අනතුරු ඇඟවීමද හෙට (06දා) දිනය දක්වා ක්රියාත්මක වේ.