රණායක එළඟපිටිය සාමසර කන්ද නායයාමෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා යුදහමුදා සාමාජිකයන් 180ක් සහ කොමාන්ඩෝ භටයන් 43 දෙනෙකු යොදවා විශේෂ මෙහෙයුමක් දියත් කළ බව යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.
කන්ද නායයාම සිදුවන අවස්ථාවේදී ඒ අවට ගම්මානවල සැලකිය යුතු පිරිසක් සිට තිබෙන අතර කන්ද නායයාම නිසා කඳු කොටස දෙපැත්තට වෙන්වී තිබෙන බවද වාර්තාවේ. එහිදී එක් කඳු කොටසක සිටි පුද්ගලයන් 12 දෙනෙකු කොමාන්ඩෝ භටයන් විසින් මේ වනවිට සොයාගෙන තිබෙන බවද වාර්තාවේ.
ඡායාරූප - සමන් විජය බංඩාර