තමන්ට ජංගම දුරකතය හරහා මරණ තර්ජන එල්ල කළ බව කියමින් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තංගල්ල පොලීසියට ඊයේ (13දා) පැමිණිලිකර තිබේ.
ඊයේ රාත්‍රි11.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා එකම දුරකතන අංකයකින් අවස්ථා හතරකදී දේශපාලනයෙන් ඉවත් නොවුණහොත් තමන් මරණ බවට තර්ජන කළ බව නාමල් රාජපක්ෂ මහතා කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.