නාමල්ට, ඩීවී චානකට ඇප
- 16 10 2017
- 11:45
- {{hitsCtrl.values.hits}} views
- රාහුල් සමන්ත
හම්බන්තොට පැවැති විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ධ, පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක, දකුණු පළාත් සභා මන්ත්රී සම්පත් අතුකෝරාළ ඇතුළු අට දෙනෙකුට අැප හිමිවිය.
එක් අයෙකුට ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මෙම ඇප නියම කළේ හම්බන්තොට මහේස්ත්රාත් මංජුල කරුණාරත්න මහතායි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීර ඇතුළු තවත් සැකකරුවන් 32 ක් නැවතත් එළැඹෙන 30 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

