පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට අපහාස කළ බව පවසමින් එම කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරිය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ නඩුවට අදාළව චෝදනා ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අල්ලස් කොමිසමට දැනුම් දුන්නේය.
එසේම ඒ පිළිබඳව වන චෝදනා ඔක්තෝබර් මස 3දාට පෙර ගොනු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය දැන්විය.කොමිසම විසින් කරනු ලබන විමර්ශනයකට අදාළව මන්ත්‍රිවරයාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැන්නුවද ඔහු එ් සඳහා නොපැමිණීමෙන් කොමිසමට අපහාසයක් කර ඇතැයි සඳහන් කරමින් අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අල්ලස් පනත ප්‍රකාරව මන්ත්‍රිවරයාට එරෙහිව නඩු පැවැරීය.