පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු තරුණ සමුළුවට හා නේපාලයේ හා රුසියාවේ පැවැත්වෙන තරුණ සමුළු සඳහා සහභාගිවීමට විදෙස් ගතවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අවසර දීමට අධිකරණය තීරණය කර තිබේ.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව නාමල් රාජපක්ෂ මහතාට පැවැති මෙම විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරනු ලැබුවේ එම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේදී කැඳවූ අවස්ථාවේදීය.