හම්බන්තොට පැවැති විරෝධතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්රකාශයක් ලබාගැනීම එළැඹෙන 25 දායින් පසුව සිදුකිරීම හම්බන්තොට පොලීසිය තීරණය කර තිබේ.
ඔහුට හෙට දිනයේදී ප්රකාශයක් ලබාදීමට කැඳවීමක් තිබුණත් මනත්රීවරයා අද (09දා) එම ප්රකාශය ලබාදීම සඳහා හම්බන්තොට පොලීසියට පැමිණියේය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු කටයුතු හා වෙනත් රාජකාරී හේතුවෙන් ඔහුට ප්රකාශය ලබාදීමට එළැඹෙන 25 දායින් පසුව පැමිණෙන ලෙස පවසා ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ මනත්රීවරයා සඳහන් කළේ, තමන් ප්රකාශය ලබාදීමට පොලීසියට පැමිණියද පොලීසිය විසින්ම එය කල්දැමූ බවයි.
“පොලීසිය විනාඩි කිහිපයක් සාකච්ඡා කිරීමෙන් පසුව මට කිව්වේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් පරිදි 25 දායින් පසුව ප්රකාශය ලබාදෙන ලෙසයි. එදාට නොමැතිනම් ඊට පසු දිනයක ලබාදෙන ලෙසත් ඔවුන් ප්රකාශ කළා.” යැයි නාමල් මන්ත්රීවරයා සඳහන් කළේය.
ඡායාරූපය - රාහුල් සමන්ත