පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ නිලධාරියෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තර්ජනය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. පෙරේදා (15දා) ඔහු මෙසේ තර්ජනය කර ඇත්තේ එහි උප පොලිස් පරීක්ෂකවරයෙකුට බවටද වාර්තා වෙයි.
කෙසේ වෙතත් එම නිලධාරියා මේ පිළිබඳව උසස් පොලිස් නිලධාරීන්ට දන්වා ඇති අතර ඔවුන්ගේ උපදෙස් මත පොලිස්පතිවරයාද දැනුවත් කර ඇත.
නාමල් රාජපක්ෂ මහතාගේ නමද සම්බන්ධ වී ඇති ක්‍රිෂ් ව්‍යාපෘතියේ මූල්‍ය අක්‍රමිතා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ මෙම පොලිස් නිලධාරියා වෙයි.