හම්බන්තොටදී පැවැති විරෝධතාව සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට හම්බන්තොට පොලීසියට පැමිණෙන ලෙස දන්වා තිබේ.
ඒ අනුව ඔහු අද (09දා) පොලීසියට ඉදිරිපත්වීමට නියමිතය. ඔහුට හෙට දිනයේදී පොලීසියට පැමිණෙන ලෙස දන්වා ඇතත් එදිනට පැමිණි නොහැකි වීම හේතුවෙන් අද (09දා) පොලීසියට පැමිණෙන බව මන්ත්රීවරයා සඳහන් කර ඇත.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක මහතාටද හෙට (10දා) හම්බන්තොට පොලීසියට පැමිණෙන ලෙස දන්වා ඇත.
බස්නාහිර පළාත්සබා මන්ත්රී උපාලි කොඩිකාර, දකුණු පළාත් සභා මන්ත්රී සම්පත් අතුකෝරාල, රණවිරු සුරැකීමේ සංවිධානයේ අජිත් ප්රසන්න යන අයටද අද (09දා) හම්බන්තොට මූලස්ථාන පොලිසියේ පෙනීසිටින ලෙස දන්වා ඇත.