එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා අධිකරණයට ලිපියක් ඉදිරිපත් කර තිබුණු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් සිදු කරනු ලැබුවේ වගකීමෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
දැනට විදේශගතව සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දිවයිනට පැමිණි පසුව ඒ පිළිබඳ සත්‍ය කරුණු හෙළිදරව් කරනු ඇති බවත් ඒ මහතා කීවේය.
ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේදී අද (19දා) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ,
“එම ලිපිය පිළිබදව දෙපාර්ශ්වය විවාදයකට දැන් සූදානම් වෙලා තිබෙනවා.ඉ දිරිපත් කරපු ලියුම් හා නොකරපු ලියුම් ගැන තොරතුරු සියල්ල එම විවාදයේදී හෙළිවේවි. අපි කියන්නෑ නාමල් රාපක්ෂ මන්ත්‍රීවරයාට වැරදුනා කියලා. එතුමා වගකීමෙන් තමයි අධිකරණයට කරුණු ඉදිරිපත් කළෙත්, එම ප්‍රකාශය සිදු කළෙත්. එතුමා ඊයේ විදේශගත වූ නිසා මේකට හරියට උත්තර දීගන්න බැරි වුණා. ඔහු දිවයිනට ආපු ගමන්ම ඒ තොරතුරු හෙළිදරව් කරාවි.“යනුවෙන් පවසා සිටියේය.