ජාතික නාමල් උයනට අයත් රෝස තිරුවාන නිධිය පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයේ ඇති සුදු තිරුවානා නිධිය ගල් බෝර දමා එහි කැබලි විදේශීය සමාගමක පිරිසක් රැගෙන ගොස් ඇති බවත්, සුදු තිරුවානා නිධිය හොර රහසේ විකිණීමේ ක්‍රියාවලියක් සැකසෙන බවත් වනවාසී රාහුල හිමියෝ චෝදනා කරති.
මේ පිළිබඳව අදහස් දැක්වූ නාමල් උයනේ භාරකාර වනවාසී රාහුල් හිමියෝ, "මම ජාතික නාමල් උයනේ රෝස තිරුවානා නිධිය ආරක්ෂා කළා වගේම මගේ ජීවිත පරිත්‍යාගයෙන් මෙතන රකිනවා. මේ සුදුගල් අක්කර 15 ක් තියෙනවා. මේක කඩලා විනාශ කළාම වතුර ටික හිඳෙනවා. වන සත්තු ටික නැතිවෙනවා. මේ ගම්වල මිනිස්සුන්ට වතුර නැතිවෙලා යනවා. මේ විනාශය වහාම නතර කළ යුතුයි. අපි දන්නවා මෙතන ඉන්න ජාවාරම්කාරයෝ කවුද කියලා. මම ජනතාව සමග මේ ගල උඩ නිදා ගන්නවා. පුළුවන්නම් කඩපල්ලා. මම කාටවත් බය නෑ. ඒ වගේම මට ලොකු විශ්වාසයක් තියෙනවා ජාතික නාමල් උයන ආරක්ෂා කළ මේ රටේ සියලුම මාධ්‍ය ආයතන මේ විරෝධතාවට එකතු වෙනවා කියලා." යනුවෙන් පැවැසූහ.