(UPDATE) හම්බන්තොට පැවැති විරෝධතාවට අදාළව අත්අඩංගුවට පත් පාර්ලිමෙන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනා එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය නියොග කළේය.
හම්බන්තොට පැවැති විරෝධතාව සඳහා ප්රකාශයක් ලබාදීමට හම්බන්තොට පොලීසියට පැමිණි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු හය දෙනෙක් හම්බන්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් වූ සෙසු පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ඩී වී චානක, ප්රසන්න රණවීරද, පළාත් සභා මන්ත්රීවරුන් වන උපාලි කොඩිකාර හා සම්පත් අතුකෝරාළ යන මහත්වරුන් ද, හිටපු මේජර් නීතීඥ අජිත් ප්රසන්න ද වෙති.
හම්බන්තොටදී පැවැති විරෝධතාව සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට අද (10දා) හම්බන්තොට පොලීසියෙන් කැඳවීමක් ලැබී ඇත.
ඔහුට පස්වරු 4.30ට කටඋත්තරය ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා ඇත. ඊයේ දිනයේදීත් ඔහු එම කටඋත්තරය දීම සඳහා පොලීසියට ගියත් 25 දා යින් පසුව පැමිණෙන ලෙස එහිදී දැනුම් දී තිබුණි.
මන්ත්රීවරයා ඒ සඳහා හම්බන්තොට පොලීසියට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙයි.