නාමල් සැකකරුවෙක් ලෙස නම් කරයි
මුදල් විශූද්ධීකරණ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු හය දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පිරීස් මහතාට අද (28දා) දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ‘ගවර්ස් කෝපරේෂන්’ ආයතනය විසින් ‘හෙලෝ කෝප්’ ආයතනයේ කොටස් මිලදී ගැනීම සඳහා අවභාවිත කළ රුපියල් ලක්ෂ 150ක මුදලක් යොදාගන්නා ලදැයි කියන සිද්ධියකට අදාළව කරනු ලබන පරීක්ෂණ වල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙමින් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.
‘හෙලෝ කෝප්’ ආයතනයේ කොටස් මිලදී ගැනීම සඳහා අවභාවිත කළ රුපියල් ලක්ෂ 150ක මුදලක් යොදාගන්නා ලදැයි කියන සිද්ධියේදී, රුපියල් මිලියන 15ක් හා රුපියල් මිලියන 30 බැගින් වන වටිනාකම් සහිත වෙනත් ගනුදෙනු වලදීද මුදල් විශූද්ධීකරණය කළ බවට කරුණු ඇතැයි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය දැනුම් දුන්නේය. ඒ අනුව එම සිද්ධියට අදාළව ඔවුන් සැකකරුවන් ලෙස නම් කරන බවද දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අමතරව මෙලෙස සැකකරුවන් ලෙස නම්කරන ලද්දේ ඉන්දික ප්‍රභාත් කරුණාජීව, පවිතත්‍රා බෝගොල්ලාගම, සේනානි සමරනායක බණ්ඩාර, නදීක බෝගොඩ සහ ඉරේෂා සිල්වා නමැත්තන්ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල ලබන සැප්තැම්බර් මස පළමුවැනිදා කැඳවීමට නියම කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

