රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ලබා දුන් රුපියල් මිලියන 70ක මුදලක් අයථා පරිහරනය කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන එළැඹෙන 18 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පෞද්ගලික ආයතනයක් විසින් රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ලබා දුන් රුපියල් මිලියන 70ක මුදලක් ඒ සඳහා නොයොදා තමන්ගේ පෞද්ගලික ගිණුමක දමාගෙන එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි. මන්ත්‍රීවරයා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.