රාජකාරී නිමවා සිය නිවෙස වෙත යමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුට නාඳුනන පිරිසක් විසින් පහරදී ඇති බව පොලීසිය කියයි.
අංකුඹුර පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන උප පොලිස් පරීකෂකවරයෙකුට මුදුන්කඩේ ප්රදේශයේදී මෙසේ ඊයේ (30දා) රාත්රියේදී පහරදී ඇත.
තියුණු ආයුධයකින් කළ පහරදීමකින් තුවාල ලැබූ පොලිස් නිලධාරියා අංකුඹුර දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයේ සහකාර පොලිස් අධිකාරී කමල් රණවීර මහතාගේ අධීක්ෂණය යටතේ අලවතුගොඩ හා අංකුඹුර පොලිස් ස්ථානයන් පරීකෂණ පවත්වයි.