ජපානයේ දකුණුදිග ඔකිනාවා දූපත් වෙත කඩා වැදුණු නාගුරි සුළි කුණාටුවෙන් ආරක්ෂා වීම සඳහා තම නිවෙස් අත්හැර ආරක්ෂිත ස්ථාන කරා යන මෙන් ජපාන බලධාරීහු ජනතාවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
පැයට කිලෝමීටර් 200ක පමණ වේගයෙන් ඔකිනාවා දූපත්වල හමා යමින් පවතින නාගුරි සුළි කුණාටුව සමග ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙන බවද කියයි.
කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙන්නේ පැයට කිලෝමීටර් 252 පමණ වේගවත් සුළං මෙහිදී බලාපොරොත්තු විය හැකි බවයි. එමෙන්ම අවට සාගරයේ මීටර් 40ක් පමණ උස දැවැන්ත රැළි බලාපොරොත්තු විය හැකි බවත් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් බී.බී.සී.ය පෙන්වා දෙන්නෙ මේ වනවිට ටෝකියෝ නුවර සුළං තත්ත්වය ක්‍රමයෙන් පහව යන බවයි.
ඔකිනාවා බලධාරීන් පෙන්වා දී තිබුනේ එහි වෙසෙන 480,000ක් පමණ ජනතාවට තම නිවෙස් තුළටම වී ආරක්ෂිතව සිටීම හෝ ආරක්ෂිත ස්ථාන කර යෑමට යුහුසුළු වන ලෙසයි.
කෙසේ වෙතත් ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ක්ෂණික ජල ගැලීම් සිදුවිය හැකි බවටද අනතුරු ඇඟවීමක් පවතී.