නාගරික ප්‍රදේශවාසීන්ගෙන් 20%ක් දියවැඩියාවට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
එසේම දියවැඩියා රෝගීන්ගේ 23%කට අසේ සුද ඇතිවීමේ අවදානමක් ඇති බවත්, අවුරුදු 40ට වඩා වැඩි සෑම පුද්ගලයෙකුම වසරකට වරක් තම අක්ෂි පරීක්ෂා කළ යුතු බවත්, ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම 89,000ක් පමණ වාර්ෂිකව මෙරට සිදුවන බවද හෙතෙම පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, මේ මස 14 වැනිදාට යෙදෙන ලෝක අක්ෂි දිනයට පෙරාතුව කොළඹ ජාතික අක්ෂි රෝහලේ පැවැති වැඩසටහනකදීය.