ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නා හිමිපාණන් වහන්සේගේ අපවත්වීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලවත් සංවේගය පළ කරයි.
මහා යතිවරයාණන් වහන්සේ නමක් ලෙස නාඋයනේ අරියධම්ම අනුනායක ස්වාමීන් වහන්සේ විසින් සම්බුද්ධ ශාසනයට, සමාජයට, සමස්ත බොදුනුවන්ට ඉටුකළ ඉමහත් මෙහෙවර ගෞරවයෙන් සිහිපත් කරන ජනාධිපතිවරයා, අනු නාහිමියන් සමීපයේ සිට අනුශාසනා ලැබීමට තමාද පුණ්‍යවන්ත වූ බව බැතිසිතින් සිහිපත් කරයි.
ව්‍යක්ත, විශාරද මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ අප නා හිමිපාණන් වහන්සෙ අභිධර්මය පිළිබඳ විශාරදත්වයෙන් යුක්ත වූ බවත්, ඒ නිසාම ඉතා සරලව ඒ ගැඹුරු දහම බොදු දනන් වෙත දේශනා කිරීමට උන්වහන්සේ සමත් වූ බවත් ජනාධිපතිවරයාගේ හැඟීමයි.
බෞද්ධ භාවනා විධි ප්‍රගුණ කරමින් බොදු දනන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව දියුණු කිරීමට කටයුතු කළ උන්වහන්සේ විදෙස් රටවල අන්‍ය ලබ්ධිකයන්ට ද භාවනාව තුළින් සැනසීම ලබාදීමට සමත් වූ අතර, එය අප මාතෘ භූමියටද, සම්බුද්ධ ශාසනයටද මහා ගෞරවයක් ගෙන දෙන්නක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.