ස්වාධීන රූපවාහිනියේ විකාශය වන 'පබසරා' ටෙලි නාට්‍යයේ 'නලින්ද' නම් චරිතය හිටි හැටියේම මරා දැමීමට එහි අධ්යක්ෂවරයා කටයුතු කර ඇත්තේ ආයතන ප්‍රධානීන්ගේ තර්ජනය කිරීම්වලට බියවීමෙන් බව ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන ජගත් බෙනරගම මහතා පැවසීය.
එසේම තමා චරිත නිරූපණය කරන, ජාතික රූපවාහිනියෙන් විකාශය කිරීමට සූදානම්ව තිබූ 'රැවල් පාරැ' හා 'පුරකලණි' යන ටෙලි නාට්‍ය දෙක තහනම් කිරීමටද ආයතන ප්‍රධානීන් කටයුතු කර ඇතැයි බෙනරගම මහතා සඳහන් කළේය.
මේ අතර ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන 'ඇන්ඩ් කොම්පැනි' වැඩසටහන නැවැත්වීමට ආයතන ප්‍රධානීන් තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ. එහි චරිතයක් නිරූපණය කරන රවීන්ද්‍ර යසස් මහතා පැවසුවේ තමා ප්රජතන්ත්රවාදී පක්ෂයෙන් කළුතර දස්ත්‍රික්කයට තරග කිරීම නිසා බලධාරීන් මෙම තීරණය ගෙන තිබූ බවයි.
මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේන් විමසූ විට ඔවුන් සඳහන් කළේ, ටෙලි නාට්‍යයක හෝ රූපවාහිනී වැඩසටහනක චරිතයක් නිරූපණය කරන රංගන ශිල්පියෙකු මැතිවරණ අපේක්ෂකයෙකු වූ පමණින් ඔහු හෝ ඇය එම චරිතයෙන් ඉවත්කරන ලෙස නීතියක් පනවා නැති බවයි.