පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල පාරිභෝගිකයන් නොවන ජනතාවට බවුසර් මගින් ජලය බෙදාහැරීමට ඇති හෙයින් නළ ජල සැපයුම සීමා කරන බව ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.
මේ නිසා සියලුම ජල පාරිභෝගිකයන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, අනවශ්‍ය ආකාරයට ජලය අපතේ නොහරින ලෙසත් එහි සභාපති කේ.ඒ. අන්සාර් මහතා පවසයි. වියළි කාලගුණ තත්ත්තවය නිසා පීඩාවට පත් දිස්ත්‍රික්ක 16ක ජනතාව වෙනුවෙන් මණ්ඩලය බවුසර් මගින් ජලය ලබාදෙන බවද ඔහු කියා සිටියේය.