ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සම්බන්ධතා ශක්තිමත් කරලීම සහ අනාගතයේ ද්විපාර්ශවික සැලසුම් වඩාත් කඩිනමින් හා පුළුල් අන්දමින් ක්‍රියාත්මක කරලීම උදෙසා දෙරට තුළ මහකොමසාරිස් කාර්යාල ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු බව දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවන්හිදී තීරණය කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
අද (01දා) නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර රාජ්‍ය මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා අතර පැවැති ද්විපාර්ශ්විය සාකච්ඡාවලදී මේ පිළිබඳව අවධානය යොමුව තිබේ.
එසේම අධ්‍යාපන, කෘෂිකර්ම, ධීවර, සංචාරක, ගුවන් සේවා සහ විශේෂයෙන්ම කිරි ගොවිපොල පාලනය යන කේෂ්ත්රයන්හි අනාගත අභියෝගයන්ට සරිලන පරිදි සංවර්ධනය කරලීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දැනුම, අත්දැකීම් සහ සහයෝගීතාව ලබා දීමට ක්‍රියා කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා මෙහිදී පැවැසූ බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වෙයි.
එසේම අවුරුදු 1 සිට 5 දක්වා දරුවන් සැමටම සතියකට නැවුම් කිරි වීදුරු 5 ක් ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීමට රජය කටයුතු කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා ඇත.