නවසීලන්තයේ ගිස්බෝර්න් නගරයට ඊසානදිග මුහුදේ කිලෝමීටර් 167ක් පමණ දුරින් රික්ටර් පරිමාණ 7.1ක ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබේ.
පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 30.7ක් ගැඹුරින් අපිකේන්ද්‍රය පිහිටි මෙම භූ කම්පනයෙන් පසුව නවසීලන්ත ඊසානදිග වෙරළාසන්නව ජීවත්වන ජනතාවට උස්බිම් කරා යන ලෙස සුනාමි අනතුරු ඇඟවීමක්ද සිදුකර ඇති බව කියයි.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් මුලින් රික්ටර් පරිමාණ 7.2ක භූ කම්පනයක් ලෙස සටහන් කළත්, පසුව එය පරිමාණ 7.1ක භූ කම්පනයක් බව තහවුරු කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපොළ හානියක් පිළිබඳව මෙතෙක් වාර්තා නොවෙයි.