නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා (John Key) ලබන වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශකළේය. ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී සංගමයේ රැස්වීමකට හෙතෙම මෙසේ පැමිණෙන බවද පැවසූ අග්‍රාමාත්‍යවරයා,විදේශ සේවය ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බව පැවසී ය. අද (18) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය
ජෝන් කී (John Key) නවසීලන්තඅගමතිතුමා එන වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙනවා.ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී සංගමයේ රැස්වීමකට එන්නේ.විදේශ ලේකම්තුමිය සමඟ කතාකමින් යන්නේ,විදේශ සේවය හොඳ මට්ටමකට ගේන්න.දැන් කාටවත් ගහන්නේ නෑ.අයින් කරන්නේ නෑ.තමන් කතා කරන එක කාමරයේ ටේප් කරන්නේ නෑ යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.