ඉතා ඉක්මනින් නවක වදය වැළැක්වීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කර, එමගින් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පරිසරය තුළ ඉතාමත් සාමකාමී වටපිටාවක් නිර්මාණය කිරීමේ අරමුණින් ඒ සඳහා වන සාකච්ඡාවක් මැයි මස 4 වැනි දින කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීය.
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අධ්‍යාපන කේන්ද්‍රය මගින් සංවිධානය කළ මෙම සාකච්ඡාව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ඒ සඳහා මහාචාර්යවරු, පීඨාධිපතිවරු, නේවාසිකාගාර පාලකවරු, ශිෂ්‍ය උපදේශකවරු, මාධ්‍ය ඒකකය, පොලීසිය ආදී නිලධාරීහු රැසක් සහභාගී වූහ.
ශෙහානි දිල්රුක්ෂිකා