මේ වසරේ විශ්වවිද්‍යාලවලට බඳවාගත් කිසිදු ශිෂ්‍යයෙකුට මහපොළ ශිෂ්‍යාධාරය ලබාදී නැතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
අඩුආදායම්ලාභී පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා මෙම ශිෂ්‍යාධාර මුදල ලබාදෙන බවත්, එහෙත් නියමිත දිනට, නියමිත ලෙස මෙම ශිෂ්‍යාධාර මුදල ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන බවත් එම සංගමයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා සඳහන් කළේය.
ආසන්න වශයෙන් වර්ෂයකට 13,000කට ආසන්න පිරිසකට මෙම ශිෂ්‍යාධාරය හිමිවන බවත්, එහෙත් මේ වසරට බඳවාගත් කිසිදු ශිෂ්‍ය‘යෙකුට අදාළ මුදල ලබාදීමට කටයුතු කර නොමැති බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසා වහාම රුපියල් 5000 මහපොළ ශිෂ්‍යාධාර මුදල හිඟ වාරිකද සමග ලබාදිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.