නවක වදයට සම්බන්ධ වන කිසිදු ශිෂ්‍ය ශිෂ්‍යාවකට සමාවක් නොලැබෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ මාරවිල, නාත්තන්ඩිය මාර්ගයේ පිහිටි ශාන්ත පියුස් මාවත කාපට් යොදා සංවර්ධනය කිරීමේ ආරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.
ලොව කිසිදු රටක ශ්‍රී ලංකාවේ මෙන් නිදහස් අධ්‍යාපනයක් ලබා නොදෙන බැවින් වටිනා කාලය අහේතුකව වැය නොකර අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගන්නා ලෙස සිසුන්ට පවසා සිටින බවත් අමාත්‍යවරයා එහිදී කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"විශ්වවිද්‍යාල ශිෂ්‍ය‘යෝ පෙළපාළියක් යනවා දැක්කා. මොකක්ද හේතුව? නවක වදය දුන්න ශිෂ්‍ය‘යෝ කිහිපදෙනෙක් පොලීසියෙන් අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කරලා තියෙනවා. අන්න ඒ පිරිස නිදහස් කරන්න කියලා පෙළපාළි යාම සාධාරණද? නවක වදය නීතියෙන්ම තහනම් කරලා තියෙනවා. නවක වදයට කවුරුහරි අනුබල දෙනවා නම් ඒ අයට දඬුවම් කරන්න පුළුවන්.
පෙළපාළි ගිහිල්ලා විභාග සමත් වෙන්න බෑ. මෙ රටේ ජනතාවගේ බදු මුදල් මේ අධ්‍යාපනයට වැය කරන්නේ. ලෝකෙ කිසිම රටක මේ වගේ නිදහස් අධ්‍යාපනයක් නෑ.මම රටේ දරුවන්ට කියන්නේ වටිනා කාලය නිපරාදේ නාස්ති නොකර අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න කියලා. මම පැහැදිලිව කියනවා නවක වදයට සම්බන්ධ වන ශිෂ්‍යයන්ට අපෙන් කිසිම සමාවක් නැහැ කියලා" යැයි පැවසීය.