සැප්තැම්බර් 01වැනිදා සිට නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත ලබාදෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා ඊයේ (23දා) පැවසීය.
ඒ අනුව ප්‍රථම වතාවට හැඳුනුම්පතක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සිටින්නන්, නැතිවූ හැඳුනුම්පතක් වෙනුවෙන් හැඳුනුම්පතක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට සහ පැරණි හැදුනුම්පතේ කරුණු වෙනස් කරගැනීමට බලපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ට නව හැඳුනුම්පත ලබාගැනීමට හැකියාව තිබෙන බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
නම, ගම, ලිපිනය, ස්ත්‍රී/පුරුෂභාවය යන ජීව දත්තවලට අමතරව පවුලේ සාමාජිකයන්ගේ විස්තර සහ ජීවමිතික දත්ත වශයෙන් ඇඟිලි සලකුණුලබාගැනීම සිදුවන බවත්,ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නිර්ණායක මත පදනම්ව අනුමත ඡායාරූප ශාලාවලින් ලබාගත් ඡායාරූපයක්ද ඇතුළත් කිරීමට විධිවිධාන සකස් කර තිබෙන බවද ඒමහතා කීය.
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යපෘතිය සඳහා රුපියල් බිලියන 08ක් පමණ වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබෙන බවත්, 2019 වසරේ මුල්භාගය වන විටමෙරට පුද්ගලයන් මිලියන 16කට නව හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම් ඇති බවත් ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.