ව්‍යවස්ථා සම්පාදනය පිළබඳ ආංශික කමිටු වාර්තා ඇතුළත් වාර්තාවක් නොවැම්බර් මාසයේදී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට යොමුකිරීමට බලාපොරොත්තු වන අතර, මෙතෙක් නව ව්‍යස්ථාව පිළිබඳ කිසිදු කෙටුම්පත් කිරීමක් සිදුකරනැතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.
රටට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමට උතුරේ පක්ෂ මෙන්ම දකුණේ පක්ෂද නම්‍යශීලීව කටයුතු කළ යුතු යැයි සියලු පක්ෂ එක්ව ව්‍යවස්ථා සම්පාදනය කරන බැවින් තමන් කැමති හොඳම ව්‍යවස්ථාව නිර්මාණය කරගැනීමට කිසිවෙකුට අවස්ථාව නොලැබෙන බවත්, ඒ හරහා රටට හොඳ ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමේ අවස්ථාව ලැබෙන බවත් හෙතෙම පැවසුවේ අද(10දා) රාජගිරියේදී මාධ්‍ය හමුවක් අමතමිනි.
එබැවින් සියල්ලන් එක්ව කල්පවතින හිතකර ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමට කාලය එළැඹ ඇති බවද ජයම්පති වික්‍රමරත්න මහතා කීය.