නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී රටේ ඒකීයභාවය ආරක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
නව ආණ්ඩුව යටතේ ප්‍රථම වතාවට 2015 වසර සඳහා පාර්ලිමේන්තුව ඊයේ (20දා) රැස්විය. එහිදී දින 100 වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සඳහා අවශ්‍ය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
එසේම විධායක බලතල පාර්ලිමේන්තුවට හා අමාත්‍ය මණ්ඩලයට පවරන ව්‍යවස්ථා ප්රතිසංස්කරණයක් ක්‍රියාත්මක කරන බවද ඔහු කීය.
එසේම ජාතින විගණන පනත, ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හා තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන පනත්ද එසේ ගෙන එන බව ඔහු සඳහන් කළේය.
රට තුළ නවතම විසංවාදී දේශපාලන සංස්කෘතියක් බිහි වී ඇති බවත්, එය කලාපයටම ආදර්ශයක් බවත් කී අග්‍රාමාත්‍යවරයා, මෙකී කාලය තුළ ලිච්ඡවී ප්‍රතිපත්තිවලට අනුව සම්මුතිවාදයෙන් ප්‍රශ්න විසඳීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය. ඒ සඳහා පක්ෂ විපක්ෂ සැවොම අත්වැල් බැඳගෙන ඇති බවද ඔහු කීය.