යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව පවතින වැරදි මත නිවැරදි කර ගැනීම සඳහා ඉදිරියේදී ප්රවේශයන් 03 ක් වෙත යොමු වීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනාගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම, සියලුම ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් සර්ව ආගමික සමුළුවක් කැඳවීම සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන රටේ සියලු උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ සමුළුවක් කැඳවීමට කටයුතු කෙරෙනු ඇති.
එහිදී යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කරුණු සංවාදයට, සාකච්ඡාවට සහ සංශෝධනයන්ට ලක් කරමින් පවතින ගැටලු නිරාකරණය කරගත හැකිවනු ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඊයේ (30දා) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති සහජීවන සංගම් හා ජාතික සිවිල් සමාජ සම්මේලන කි‍්‍රයාකාරින්ගේ හමුව අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.
පිල්වලට බෙදී උද්ඝෝෂණ කළ පමණින් රටේ ගැටලු විසඳාගත නොහැකි බවත් බෙදීම සහ වෙන්වීම තුළින් ජනතාව සේම රට ද දිනාගත නොහැකි බවත් පැවැසීය.
බොහෝ ප්‍රශ්න අවුල්කරන අයට එම ප්‍රශ්න විසඳීමේ හැකියාවක් නොමැති බවත් එකම මේසයක වාඩිවී රට ගැන සැබෑ හැඟීමකින් යුතුව සියලු ප්‍රශ්න සාකච්ඡා කිරීමට ගෞරවණීය මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, උගතුන්, බුද්ධිමතුන් සියලුදෙනාට ගෞරවයෙන් ආරාධනා කරන බව ද ප්‍රකාශ කළේය.